අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ (25) සැකකරුවන් 516ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
ඒ අනුව ඊයේ දිනයේදී පරීක්ෂාවට ලක් කර ඇති පුද්ගලයින් ගණන 28,850ක්.
පොලීසිය ප්‍රකාශ කළේ එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 30ක් හඳුනාගත් බවත්, විවෘත වරෙන්තුකරුවන් 183ක්ද අත්අඩංගුවට ගත් බවයි.
එමෙන්ම මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 485ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 74ද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවද වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,122කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.











