ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණි බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇති.
ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් පනවා තිබූ සියයට 25ක තීරු බද්ද සියයට 18 දක්වා අඩුකිරීමට තීරණය කර තිබෙනවා.
ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම් නතර කිරීමෙන් පසු මෙලෙස බදු අඩුකිරීමට ට්‍රම්ප් රජය සිය කැමැත්ත පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදය සමඟ ගිවිසුමකට එළැඹීම ගැන තමා සතුටින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇති බව සඳහන්.
දශක දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියාව, යුරෝපා සංගමය සමග ද පසුගියදා වෙළඳ ගිවිසුමකට එළැඹුණා.











