ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අයත් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ Palm Beach නගරයේ පිහිටි Mar-a-Lago නිවසේ අධිආරක්ෂිත කලාපයට සන්නද්ධව ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු රහස් සේවා නිලධාරීන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඇමෙරිකානු රහස් සේවය සඳහන් කරන්නේ, එම පුද්ගලයා ගිනිඅවියක් සහ ඉන්ධන කෑන් එකක් රැගෙන පැමිණ තිබූ බවටයි. ඔහු නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී වෙඩි තැබීම සිදු වූ බව වාර්තා වෙනවා.
🕐 මෙම සිදුවීම ඇමෙරිකානු වේලාවෙන් ඉරිදා අලුයම 1:30ට පමණ සිදුව ඇති අතර, ඒ වන විට ට්‍රම්ප් මහතා Washington, D.C. හි සිට ඇත.
සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ උතුරු කැරොලිනාවේ කැමරන් ප්‍රදේශයේ පදිංචි ඔස්ටින් ටී. මාටින් නම් පුද්ගලයෙකි. ඔහු අතුරුදන් වී ඇති බවට පවුලේ සාමාජිකයින් විසින් උතුරු කැරොලිනාවේ මුවර් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලයට දැනුම් දී තිබුණු බව සඳහන්.
නිලධාරීන් පවසන්නේ, සැකකරු ෆ්ලොරිඩාවට පැමිණියේ කෙසේද සහ ගිනිඅවිය මිලදී ගත්තේ කවදාද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි. ඔහුට එරෙහිව මීට පෙර පැමිණිලි හෝ වාර්තා නොමැති බවද සඳහන් වී තිබෙනවා.
මෙම සිදුවීම ඇමෙරිකාවේ ජනාධිපති ආරක්ෂාව පිළිබඳව නැවතත් දැඩි අවධානය යොමු කරවන එකක් බව විචාරකයන් සඳහන් කරයි.











