කිරුළපන ප්‍රදේශයේදී හෂීස් කිලෝග්‍රෑම් 05 ක් ළඟ තබාගෙන සිටියදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසනවා. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 30 ක් පමණ වනවා.
මෙම වැටලීම ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරු මත, පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කර තිබෙනවා. මෙහිදී ස්කූටර් යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) විසින් සිදු කරනු ලබනවා.











