දේශීය

ඇල්පිටිය ඉඩම් ආරවුලක් මාරාන්තික වෙයි, 73 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අද (26) පෙ.ව. 11.00 ට පමණ ඇල්පිටිය බටුවන්හේන පොල්ගස්වත්ත ප්‍රදේශයේදී සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ඉඩම් ආරවුලක් මාරාන්තික පහරදීමකින් අවසන් වී ඇති තිබෙනවා

වයස අවුරුදු 73 ක් වන පස් දරු පියෙකු වූ බාල සහෝදරයා, වැඩිමහල් සහෝදරයා විසින් මුගුරකින් පහරදීමකට ලක්ව බිම වැටී ඇති අතර, පවුලේ සාමාජිකයින් ඔහු ඇල්පිටිය මූලික රෝහල වෙත රැගෙන යාමේදී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

පොලිසිය සඳහන් කළේ, මිනින්දෝරු කටයුතු අවසන් වීමෙන් පසු ඇති වූ බහින්බස්වීමක් උත්සන්න වී මෙම ප්‍රහාරයට හේතු වූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Shares: