උණුසුම් පුවත්

ලුණුගම්වෙහෙර ජලාශයේ ඔරුවක් පෙරළී තරුණයන් දෙදෙනෙකු අතුරුදන්

අද (28) පස්වරු 4.47ට පමණ ලුණුගම්වෙහෙර ජලාශයේ සිදුවූ අනතුරකින් 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, මසුන් ඇල්ලීම සඳහා ජලාශයට ගිය අවස්ථාවේ ඔරුව පෙරළී ගොස්, ජලයේ ගිලී ඔවුන් අතුරුදන් වී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, නාවික හමුදාවට අයත් තිස්සමහාරාම නාවික අංශය සහ ගිලී සෙවීම් ඒකකය එක්ව සෙවීම් හා බේරාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ජලාශ සහ ගංගා ආශ්‍රිතව මසුන් ඇල්ලීමේදී ජීවිතාරක්ෂක උපකරණ භාවිතය අනිවාර්ය කර ගැනීමේ වැදගත්කම මෙම සිද්ධිය යළිත් සිහිපත් කරයි.

අතුරුදන් වූ තරුණයින් සොයා තවදුරටත් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

Shares: