උණුසුම් පුවත්දේශීය

කොළඹ නගරයට ඇතුළු වන වාහන හිමියන්ට වැදගත් සහනදායක තීරණයක්

කොළඹ නගරයට ඇතුළු වන වාහන හිමියන්ට වැදගත් සහනදායක තීරණයක් ලෙස, රථ ගාල් කිරීමේ ගාස්තු නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට කොළඹ නගර සභාව තීරණය කර ඇත. මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් විසිනි.

පවතින ගෝලීය යුද වාතාවරණය හේතුවෙන් ජනතාවට ඇතිවන ආර්ථික බර සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව ඇය සඳහන් කළාය. ඉන්ධන හා ප්‍රවාහන වියදම් ඉහළ යමින් පවතින මෙම අවස්ථාවේ, නගරයට පැමිණෙන ජනතාවට යම් ආරක්ෂාවක් සහ සහනයක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

මෙම තීරණය මගින් දෛනිකව කොළඹට පැමිණෙන රියදුරන්ට සහ සේවාලාභීන්ට වැදගත් පහසුවක් සැලසෙන අතර, ව්‍යාපාරික ක්ෂේත්‍රයටද හිතකර බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Shares: