රියර් අද්මිරාල් (විශ්‍රාමික) ප්‍රින්ස්ලි ලියනගේ මහතා විසින් ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 48 කාළයක් එක දිගට ඇවිදීම සාර්ථකව නිමවා, ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා
මෙය 2026 මාර්තු 20 දින උදෑසන 09.00 ට කොළඹ නාවික අනුකන්ඩයේ, අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාර පරිශ්‍රය හිදී ආරම්භ වුණා.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ රටේ විශිෂ්ට භාවික හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු විය. එසේම ඔහුගේ පවුල් පිරිසද මේ අවස්ථාවට එක්විය.









