අද (24) දිනයේදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (හැඳුනුම්පත් කාර්යාලය) විසින් සපයන සියලුම මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, මෙයට හේතුව වන්නේ පද්ධති දෝෂයක් වන අතර, එය හදිසි තත්ත්වයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන්,ප්‍රධාන කාර්යාලය, සියලුම ප්‍රාදේශීය කාර්යාල වල අද දින මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව දැනුම් දී තිබෙනවා.
විශේෂයෙන්ම, හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම සේවාවන් අද දිනයේ ලබා නොදෙන බව දෙපාර්තමේන්තුව පවසනවා.
දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, පවතින පද්ධති දෝෂය කඩිනමින් විසඳා මහජන සේවාවන් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.











