දේශීය

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසටෝ කන්ඩා මහතා ශ්‍රී ලංකාවට නිල සංචාරයක්

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසටෝ කන්ඩා මහතා අද (මාර්තු 23) උදෑසන නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔහු සඳහන් කළේ, රට අර්බුදකාරී තත්ත්වයෙන් යථා තත්ත්වයට පැමිණිය හැකි “තීරණාත්මක මොහොතක” කොළඹට පැමිණ තිබෙන බවයි.

සංචාරයේදී, රජයේ නියෝජිතයින්, පෞද්ගලික අංශය සහ දේශීය ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීමෙන්, ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ඊළඟ අදියර සඳහා ප්‍රමුඛතා වඩා හොඳින් අවබෝධ කර ගැනීමේ අවස්ථාව ලබා ගැනීමට කන්ද මහතා අවධාරණය කර තිබෙනවා.

ADB ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, පෞද්ගලික අංශ ප්‍රමුඛ වර්ධනයට ආයෝජන ආකර්ෂණය කිරීම සහ අඛණ්ඩව සහාය දැක්වීම තුළින් රටේ සංක්‍රාන්තියට ඉදිරි දිනවලදී සම්බන්ධකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා තිබෙනවා.

Shares: