දිවයින පුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වය අද (30) දිනයේදීත් අඛණ්ඩව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා.
කෙසේ වෙතත්, දවසේ උණුසුම් කාලගුණය අතරතුර ග දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී කාලගුණයේ වෙනසක් අපේක්ෂා කළ හැකි බවද පවසා තිබෙනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.
අනෙක් ප්‍රදේශවලට නම් වියළි කාලගුණයක් පවතිනු ඇති අතර, උදෑසන කාලයේදී මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්ත්වයක් ද පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන වා.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී, තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට මහජනතාව අවධානයෙන් සිටීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.










