දේශීය

උතුරු දුම්රිය මාර්ගය නැවත මහජන අයිතියට – අප්‍රේල් 9 සිට කන්කසන්තුරේ දක්වා සේවා යළි ආරම්භයි

පසුගිය වසරේ දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, දිගු කාලයකට පසුව නැවතත් කොළඹ කොටුවේ සිට කන්කසංතුරේ දක්වා දුම්රිය සේවා අප්‍රේල් 9 වන දින සිට ආරම්භ කිරීමට නියමිතයි.

මෙම නව ආරම්භයත් සමඟ, ජනතාවට පහසුකම් සලසමින්

* ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා දිනපතා අලුයම 5:15 ට,
* කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ප.ව. 1:50 ට

නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

තවද, මෙම දුම්රිය සඳහා ආසන වෙන්කිරීමේ පහසුකම් අද (අප්‍රේල් 4) සිටම ක්‍රියාත්මක කර ඇති බවත් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් බිඳ වැටුණු සම්බන්ධතාවය යළි සවිමත් කරමින්, උතුරු සහ දකුණු ප්‍රදේශ අතර ගමනාගමනයට නව ජීවයක් ලබාදෙන මෙම පියවර ජනතාවට විශාල සහනයක් වනු ඇත.

Shares: