මැද පෙරදිග කතෝලික බැතිමතුන්ට වැදගත් වන ශුද්ධ සතිය සැමරුම් අතරතුර, ඩුබායි නගරයේ පිහිටි කතෝලික පල්ලි කිහිපයක සියලුම දේව මෙහෙයන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, St. Mary’s Catholic Church සහ St. Francis of Assisi Catholic Church යන ප්‍රධාන පල්ලි දෙකේ සියලුම පූජා සහ ආගමික ක්‍රියාකාරකම් අප්‍රේල් 3 වන දින සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ රජයේ නියාමන බලධාරීන්ගේ උපදෙස් මත වන අතර, බැතිමතුන්ගේ ආරක්ෂාව සහ ප්‍රජා යහපැවැත්ම සැලකිල්ලට ගනිමින් පල්ලියේ පරිශ්‍ර වෙත පැමිණීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා තිබෙනවා.
විශේෂයෙන්ම, ජෙබෙල් අලි පිහිටි ශාන්ත ෆ්‍රැන්සිස් පල්ලිය ප්‍රකාශ කළේ, පල්ලිය සම්පූර්ණයෙන් වසා තබන අතර සජීවී විකාශයන් ද නොපවත්වන බවයි. එමෙන්ම, ශාන්ත මරියා පල්ලියද එම මතයම දක්වමින් සිය පරිශ්‍රය වසා දමා ඇති බව නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත්, බැතිමතුන් සඳහා මහ සිකුරාදා දේව මෙහෙයන් අන්තර්ජාලය හරහා විකාශනය කිරීමට කටයුතු කරන බව ද සඳහන් වනවා.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ නැවත නැඟිටීම සිහිපත් කරන ශුද්ධ සතියේ මෙම තීරණය, ලොව පුරා කතෝලික ප්‍රජාවගේ අවධානයට ලක්ව තිබෙනවා.











