දේශීය

ජාතික හැඳුනුම්පත් (NIC) සේවා – තාවකාලිකව සීමා කිරීම

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ, පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

අප්‍රේල් 8 සිට, ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලවල හදිසි අවශ්‍යතා ඇති අයදුම්කරුවන් සඳහා පමණක් එක්දින සේවාව මඟින් NIC ජාතික හැඳුනුම්පත් නිකුත් කරනු ලබන බවයි.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සඳහා NIC තොරතුරු සත්‍යාපනය කිරීම සහ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළු අනෙකුත් සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

අදාළ ආයතනවලට මෙම කාලය තුළ විකල්ප ක්‍රම භාවිතා කරන ලෙස ඉල්ලා තිබෙනවා

පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කළ පසු, සියලු සේවාවන් බාධාවකින් තොරව නැවත ආරම්භ කර බවයි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

Shares: