වසර 50කට වැඩි කාලයකින් පසු, මිනිසුන් සහිතව සිදුකළ මීලග චන්ද්‍ර ගමන ලෙස Artemis II ඉතිහාසගත වී තිබෙනවා. NASA විසින් මෙහෙයවන මෙම දින 10ක අභ්‍යවකාශ ගමන, නව අභ්‍යවකාශ සොයාගැනීම් සඳහා වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.
මෙම මෙහෙයුමට Reid Wiseman, Victor Glover, Christina Koch සහ Jeremy Hansen යන අභ්‍යවකාශ යාත්‍රිකයින් එක්වී තිබෙනවා.
මෙහිදී Glover (පළමු කලු ජාතිකයා), Koch (පළමු කාන්තාව) සහ Hansen (පළමු අමෙරිකා නොවන නියෝජිතයා) චන්ද්‍ර මෙහෙයුමකට එක්ව ඉතිහාස ගත අවස්ථාවක්.
අප්‍රේල් 1 දින Cape Canaveral සිට ප්‍රක්ෂේපණය වූ මෙම මෙහෙයුම, Orion spacecraft සහ Space Launch System භාවිතයෙන් සිදු කළා.
ඔවුන් චන්ද්‍රයාගේ අනෙක් පස හරහා ගමන් කරමින්, මනුෂ්‍යයෙකු ළඟා වූ දුරටත් වඩා (252,756 miles) ඉදිරියට ගොස් නව වාර්තාවක්ද පිහිටුවා තිබෙනවා.
1960–70 දශකවල ඇපලෝ වැඩසටහන අවසන් වීමෙන් පසු, මෙය මිනිසුන් චන්ද්‍රයා අසලට ගිය පළමු අවස්ථාවයි. මෙය 1972දී සිදු වූ Apollo 17 පසු නැවත චන්ද්‍රය මත ගමන් කිරීමට සූදානම් වන “අභ්‍යාස මෙහෙයුමක්” ලෙස සැලකෙනවා.
ඉරිදා (Friday) දිනයේ, Orion යානයේ කණ්ඩායම පෘථිවියට නැවත පැමිණීම ආරම්භ කළ අතර, 40,000 km/h ඉක්මවන වේගයකින් වායුගෝලයට ඇතුළු වීම, 2,700°Cකට අධික උෂ්ණත්වයකට මුහුණ දීම, මිනිත්තු 6ක සන්නිවේදන අඳුරු කාලයක් (radio blackout) වැනි අභියෝගාත්මක අවස්ථා මැදින් ගමන් කිරීමට නියමිතයි.
2022දී සිදු වූ Artemis I මෙහෙයුමේදී හදුනාගත් ගැටළු හේතුවෙන්, මෙවර Orion යානයේ තාප ආවරණය විශේෂයෙන් පරීක්ෂා කර තිබෙනවා.
පැරෂූට් ක්‍රමය භාවිතා කරමින්, යානය පැසිෆික් සාගරය තුළ, San Diego ආසන්නයෙන් ආරක්ෂිතව ගොඩ බැසීමට නියමිතයි.
NASA කණ්ඩායම් විසින් යානය පැය 1ක් ඇතුළත , අභ්‍යවකාශ යාත්‍රිකයින් එක් එක් ලෙස පිටතට ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් වනවා.
මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ, චන්ද්‍රයා මත දිගුකාලීන මිනිස් වාසස්ථානයක් පිහිටුවා, එය අගහරු වෙත යන මීළඟ මිනිස් ගමනට පියවරක් ලෙස භාවිතා කිරීමටයි.











