උණුසුම් පුවත්දේශීය

කොළඹ මහාධිකරණයේ ඥානසාර හිමියන් සම්බන්ධ නඩුව අද නැවතත් කැදවයි.

වසර 12කට පමණ පෙර සිදු වූ ප්‍රකාශයක් මූලික කරගෙන ඉස්ලාම් දහමට නින්දාවක් සිදු කළ බවට එල්ල වූ චෝදනාවක් යටතේ, බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුවක් අද (අප්‍රේල් 30) කොළඹ මහාධිකරණය හමුවේ නැවතත් සලකා බැලුණා.

අධිකරණය විසින් පෙර නිකුත් කර තිබූ සිතාසියකට අනුව විත්තිකාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඔවුන්ට එරෙහිව අධිචෝදනා භාර දීමද මෙහිදී සිදු වී තිබෙනවා.

අධිකරණ නියෝග සහ ඇප තීරණ

විත්තිකාර හිමියන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණු අතර රුපියල් ලක්ෂ 5ක පෞද්ගලික ඇපයක් මත මුදාහැරීම සිදු කෙරිණි. නඩුවට අදාළ මුල් ගොනුව කැඳවීමටද නියෝග කර තිබෙනවා.
අගතියට පත්වූ පාර්ශවයන්ට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට නියෝග කෙරුණු අතර නඩුව ජූනි 01 වනදා යළි කැඳවීමට නියම කෙරුණා.

මෙම නඩුව 2014 අප්‍රේල් 12 වන දින විල්පත්තු ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් මූලික කරගෙන ගොනු කර ඇති අතර, එමඟින් ඉස්ලාම් ආගමට නින්දාවක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබුණා.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 219 (ආ) වගන්තිය යටතේ මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙනවා.

Shares: