දේශීය

යාල ජාතික වනෝද්‍යානයෙන් නීති විරෝධී සත්ව දඩයම

පොලිස් STF හා වනජීවී නිලධාරීන්ගේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

යාල ජාතික වනෝද්‍යානයේ (Zone 02) සිදුකළ විශේෂ මෙහෙයුමකදී, වනාන්තර සතුන් ඝාතනය කර මස් ලබාගැනීමේ නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ඒකාබද්ධවයි

මෙම වැටලීමේදී ගව මස් කිලෝග්‍රෑම් 92ක්, දේශීයව නිපදවූ ගිනි අවියක්, සයිකල් දෙකක් සහ තවත් උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් කතරගම හා හපුතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

වනාන්තර සම්පත් ආරක්ෂා කිරීම අප සියල්ලන්ගේ වගකීමක්.
වනාන්තර සතුන් දඩයම් කිරීම සහ නීති විරෝධී වනාන්තර පෙහෙළි කිරීම වැනි ක්‍රියාකාරකම් රටේ ජීව විවිධත්වයට දැඩි තර්ජනයක්.

Shares: