දේශීය

අවුරුදු සමයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දැඩි පියවර – ආයතන 800කට වැඩි සංඛ්‍යාවකට නීතිමය ක්‍රියාමාර්ග!

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ මෙහෙයුමක් දිවයින පුරා

අවුරුදු උත්සව සමය තුළ මහජනතාවට ආරක්ෂිත ආහාර ලබාදීමේ අරමුණින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

අප්‍රේල් 01 දින ආරම්භ වූ මෙම මෙහෙයුමෙන් මේ වන විට ආහාර අලෙවිසල් 817කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

* සම්පූර්ණ පරීක්ෂා කළ ස්ථාන – 11,064
* සිදුකළ වටලාගැනීම් – 967
* සහභාගී වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු – 2,300
* අත්අඩංගුවට ගත් ආහාර ද්‍රව්‍ය – 3,045
* විනාශ කළ ආහාර – 2,299
* නඩු ගොනු කළ ප්‍රමාණය – 817

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති
කේ.ඒ.පී. බොරලෙස්ස මහතා සඳහන් කළේ, මෙම මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

පිරිසිදු සහ විශ්වාසදායක ස්ථානවලින් පමණක් ආහාර මිලදී ගන්න, ආහාර පිරිසිදු බව සහ කල් ඉකුත් දිනය පරීක්ෂා කරන්න.

අවුරුදු සතුට සෞඛ්‍යවත් කරගන්න – ආරක්ෂිත ආහාර තෝරාගන්න!

 

Shares: