අද (27) දින පස්වරු 1.00 පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇතැයි කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. දකුණු පළාතේ සමහර ප්‍රදේශවලට අද පෙරවරුවේද වැසි ඇති විය හැකියි.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් මි.මී. 75ට වැඩි තරම් තද වැසි ඇති විය හැකි බවට අනාවැකි පළ කර තිබෙනවා.
උදෑසන මුල් පැයවලදී මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්ත්වයන් දක්නට ලැබිය හැකියි.
මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව සූදානම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.










