විදෙස්

ධවල මන්දිරයේ විශේෂ හමුවක්, ට්‍රම්ප් Artemis II ගගනගාමීන් පිළිගැනේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී NASA හි Artemis II මෙහෙයුමට එක්වන ගගනගාමීන් හමුවී අභ්‍යවකාශ ගවේෂණය, UFO හෙළිදරව්, අභ්‍යවකාශ බලකාය සහ ලෝක දේශපාලනය පිළිබඳ අදහස් පළ කර තිබෙනවා.

මෙම විශේෂ හමුවට Reid Wiseman, Victor Glover, Christina Koch සහ Jeremy Hansen ඇතුළු NASA සහ Canadian Space Agency නියෝජිතයින් එක්ව සිටියා.

ට්‍රම්ප් ගගනගාමීන් පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ “ඔවුන් මෙය කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මට නම් එය කරන්න හිතෙන්නේ නැහැ. ඒත් මේ වගේ මිනිස්සු තමයි අපේ රට ශ්‍රේෂ්ඨ කරන්නේ.” යනුවෙනුයි.

Artemis වැඩසටහන සහ සඳට නැවත ගමන

Jared Isaacman තහවුරු කළේ, 2027දී Artemis III දියත් කිරීම සහ 2028 වන විට නැවතත් මිනිසෙකු සඳ මත ඇවිදවීමේ සැලසුම් ඉදිරියට කරගෙන යන බවයි.

ට්‍රම්ප් ද සඳහන් කළේ ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ තවත් අමෙරිකානුවෙකු සඳ මත ගමන් කිරීමේ “හොඳ අවස්ථාවක්” පවතින බවයි.

“අපි ඒකට අවසර දීලා තියෙනවා. හොඳ අවස්ථාවක් තියෙනවා,” යැයි ඔහු පවසා තිබෙනවා.

UFO හෙළිදරව් සහ Space Force

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පළමු ධුර කාලයේදී United States Space Force ආරම්භ කළ ආකාරයද සිහිපත් කළ අතර, UFO සම්බන්ධ රහසිගත ලේඛන ප්‍රසිද්ධ කිරීමට තමාගේ කැපවීමද නැවත අවධාරණය කර තිබෙනවා.

“අපි අභ්‍යවකාශයේ, පෘථිවියේ සහ තරු ඉක්මවා ජයග්‍රහණය කරමින් ඉන්නවා,” යැයි ට්‍රම්ප් Truth Social හරහාද ප්‍රකාශ කර තිබුණා.

මෙම හමුවේදී ඉරානය සමඟ පවතින තත්වය, යුක්රේන යුද්ධය සහ ලෝක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නද මතුවී තිබෙනවා. කෙසේ වෙතත්, ගගනගාමීන් දේශපාලන ප්‍රකාශවලින් වළකිමින් මධ්‍යස්ථ ස්ථාවරයක රැඳී සාකච්ඡා කරගෙන ගොස් තිබෙනවා.

Artemis II මෙහෙයුම සඳ වටා ගමන් කළ ඓතිහාසික අවස්ථාව, ඉරානය සම්බන්ධ ජාත්‍යන්තර අර්බුදවලින් මාධ්‍ය අවධානය යටපත් වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

“ඊළඟ පියවර, අඟහරු!”

ගගනගාමීන්ගේ සාර්ථක මෙහෙයුමට සුබ පැතුම් එක් කළ ට්‍රම්ප් අවසානයේ ප්‍රකාශ කළේ, “අපි මෙය නැවත කරනවා… ඊළඟ පියවර අඟහරු!” යනුවෙනුයි.

ඒ අනුව, අමෙරිකාවේ අභ්‍යවකාශ තරඟය නැවතත් උණුසුම් වී ඇති අතර, සඳෙන් පසු මනුෂ්‍ය වර්ගයාගේ ඊළඟ ඉලක්කය අඟහරු බව පැහැදිලි වෙමින් පවතියි.

 

Shares: