දේශීය

මේ වසරේ මේ දක්වා වන අලි මරණ 128ක්… මිනිස් ජීවිතත් 35ක් අහිමි වෙයි!

ශ්‍රී ලංකාවේ අලි -මිනිස් ගැටුම තවදුරටත් බරපතළ අර්බුදයක් බවට පත්වෙමින් තිබෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, 2026 ජනවාරි 1 සිට මැයි 15 දක්වා කාලය තුළ වන අලි මරණ 128ක් වාර්තා වී තිබෙනවා.

වාර්තා වූ හේතු අතර,

වෙඩි තැබීම්වලින් – අලි 20ක්
විදුලි සැර වැදීමෙන් – 15ක්
“හක්කා පටස්” පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් – 10ක්
කෘෂිකාර්මික ළිංවලට වැටීමෙන් – 5ක්

එමෙන්ම, විෂ වීම, දුම්රිය ගැටීම්, දියේ ගිලීම් සහ වෙනත් අනතුරු හේතුවෙන් ද තවත් මරණ වාර්තා වී තිබෙනවා.

වැඩිම වන අලි මරණ වාර්තා වී ඇත්තේ නැගෙනහිර කලාපයෙන් වන අතර, පොළොන්නරුව සහ අනුරාධපුර වනජීවී කලාපවලින්ද සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, අලි ප්‍රහාර හේතුවෙන් මිනිස් මරණ 35ක්ද මේ කාලය තුළ වාර්තා වී ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

වන අලිත් මිනිසුනුත් එකසේ ජීවිත අහිමි වන මේ ගැටලුවට තිරසාර විසඳුමක් සෙවීම,
අලි රැකගැනීමත්, මිනිස් ජීවිත ආරක්ෂා කිරීමත් එකසේ වැදගත්.

Shares: