කාළගුණය

නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වෙයි – ඉදිරි දින කිහිපයේ වැසි වැඩිවීමක්!

දිවයින පුරා නිරිතදිග මෝසම් වැසි ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, ඉදිරි දින කිහිපය තුළ නිරිතදිග ප්‍රදේශවල වර්ෂාපතනය තවදුරටත් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

වැසි අපේක්ෂා කරන ප්‍රදේශ ලෙස,
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අමතරව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

තද වැසි අවදානම
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති වීමේ හැකියාව පවතින බැවින් ජනතාව විමසිලිමත් විය යුතුයි.

දහවල් 1.00 න් පසු
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් කර තිබෙනවා.

තද සුළං ගැනත් අවධානයෙන්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක් තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල අකුණු, තද සුළං සහ හදිසි ජලගැලීම් වැනි තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් සිටිමින් ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ඔබේ ගමන් බිමන් සහ දෛනික කටයුතු සැලසුම් කරගෙන, වැසි සමයේ ආරක්ෂිතව සිටින්න!

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *