2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ලක්ෂ සංඛ්‍යාත සිසුන් සහ දෙමාපියන් බලා සිටින ප්‍රතිඵල ජුනි මස මැද භාගය වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍යවල සංසරණය වන දිනයන් සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් නොමැති බවත්, ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බවත්ය.
කෙසේ වෙතත්, ජුනි මස මැද භාගය වන විට ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණේ
පෙබරවාරි 17 සිට 26 දක්වායි
විභාගයට පෙනී සිටි මුළු අපේක්ෂකයින්
451,463ක්
එයින්,
පාසල් අයදුම්කරුවන් – 382,249ක්
පෞද්ගලික අයදුම්කරුවන් – 69,214ක්
එබැවින්, සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය දිනවලට නොරැවටී, විභාග දෙපාර්තමේන්තුවේ නිල දැනුම්දීම් පමණක් විශ්වාස කරන ලෙස වැඩිදුරටත් සදහන් වනවා.
O/L ප්‍රතිඵල බලා සිටින සියලුම දරුවන්ට අපේ උණුසුම් සුබ පැතුම්!
ඔබේ මහන්සියේ ප්‍රතිඵල ලැබෙන සුබ මොහොතට තව ටික දවසයි.









