දේශීය

ජාතික කලාභවනෙන් පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන්?

🔴 Lanka Hitnews | අද විශේෂ පුවත

කොළඹ ජාතික කලාභවනේ පෞරාණික වටිනාකමක් සහිත චිත්‍ර 42ක් අස්ථානගත වී ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර තිබෙනවා.

වසර 13කට වැඩි කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා ඇති ජාතික කලාභවන සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති මෙම තත්ත්වය දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

📌 ලේඛන අනුව තිබිය යුතු චිත්‍ර සංඛ්‍යාව – 281
📌 දැනට භෞතිකව සොයාගෙන ඇති චිත්‍ර – 239
📌 අතුරුදන් වී ඇති චිත්‍ර සංඛ්‍යාව – 42

මෙම චිත්‍ර අතුරුදන්වීම පිළිබඳ තොරතුරු 2015 වසරේ සිදු කළ භාණ්ඩ සමීක්ෂණයකදී අනාවරණය වී ඇති බවත්, ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සංරක්ෂණය සඳහා පිටතට ගෙන ගිය චිත්‍ර නැවත ගෙන ඒමේදී අඩුවක් තිබූ බවත් බලධාරීන් සඳහන් කර තිබෙනවා.

මේ වන විට අදාළ අමාත්‍යංශ කමිටුවක් මූලික පරීක්ෂණයක් අරඹා ඇති අතර, කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, අතුරුදන් වූ චිත්‍ර අතර පෞරාණික වටිනාකමක් ඇති සිතුවම්ද තිබෙන බවයි.

තවත් ගැටලුවක් ලෙස, සමහර චිත්‍ර පිළිබඳ ලේඛනවල “මුහුදු වෙරළක්”, “ගඟක්” වැනි සාමාන්‍ය විස්තර පමණක් සඳහන් වීම හේතුවෙන්, ඒවා නිවැරදිව හඳුනා ගැනීමේ දුෂ්කරතා මතුවී ඇති බවද සඳහන් වෙනවා.

2012 සිට වසා දමා ඇති ජාතික කලාභවන, මේ වසර අවසන් වීමට පෙර ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර නැවත මහජනතාවට විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

📲 අපව Follow කරන්න:
Facebook: Lanka Hitnews
Instagram: https://instagram.com/lankahitnews
TikTok: https://tiktok.com/@lankahitnews
YouTube: https://youtube.com/@lankahitnews

📩 ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: +94 72 746 4185

මේ ගැන ඔබේ අදහස මොකක්ද?
ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා තවත් දැඩි ක්‍රියාමාර්ග අවශ්‍යද? Comment කරන්න 👇

 

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *