කාළගුණය

නිරිතදිග මෝසම ස්ථාපිත වෙයි – ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං අනතුරු ඇඟවීමක්!

නිරිතදිග මෝසම මේ වනවිට දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

අද (27) වැසි සහ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන ප්‍රදේශ,
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය ද,

මෙම ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

පස්වරු 1.00න් පසු වැසි ඇති විය හැකි ප්‍රදේශ,

ඌව පළාත, අම්පාර, මඩකලපුව

තද සුළං අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද විටින් විට පැයට කිලෝමීටර් 30 – 40 දක්වා තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං වලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තද වැසි සහ අකුණු අනතුරු පිළිබඳ අවධානයෙන් සිටින්න!

ඔබේ ප්‍රදේශයට දැන් වැසි තත්වය කෙසේද?
පහලින් Comment කරන්න!

📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews

YouTube:

https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට

tiktok:

https://tiktok.com/@lankahitnews

Instagram:

https://instagram.com/lankahitnews

එවන්න:

WhatsApp: +94 72 746 4185

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *