විදෙස්

මිනිසුන්ට සඳ මත ජීවත් විය හැකි යුගයක් ළඟද?

නාසා ආයතනයේ අනාගත සැලසුම් අනුව, ඉදිරි කාලයේදී මිනිසුන්ට “අර්ධ ස්ථීර නිවාස” තුළ සඳ මත ජීවත් වීමේ හැකියාව ලැබිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම නව සැලසුම් යටතේ, ගගනගාමීන්ට සඳ මත දිගු කාලයක් රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සපයන අතර, විශේෂ රෝවර් යානා මගින් පාෂාණමය මතුපිට හරහා දුර ගමන් කිරීමේ හැකියාවද ලැබෙනු ඇති බවයි වාර්තා කර තිබෙන්නේ.

සඳේ දකුණු ධ්‍රැවය විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, එහි ඇති ශීත ජලය පානීය ජලය ලෙස භාවිතා කිරීමට හා ඔක්සිජන් නිපදවීමට හැකි වීම නිසයි.

කෙසේ වෙතත්, මෙම දැවැන්ත සැලසුමේ සාර්ථකත්වය රඳා පවතින්නේ ගගනගාමීන් ආරක්ෂිතව සඳට රැගෙන යා හැකි අභ්‍යවකාශ යානයක් නිපදවීම මතයි.

ඒ සඳහා, එලොන් මස්ක්ගේ
SpaceX
සමාගම විසින් Starship Human Landing System නමින් යානයක් සංවර්ධනය කරමින් සිටින නමුත්, එය මේ වනවිටත් ප්‍රමාදයන් සහ පසුබෑම් රැසකට මුහුණ දී ඇති බව සඳහන් වන්නේ.

විද්‍යාඥ සිමියොන් බාබර් පවසන්නේ, “භාදාකාරී පියවර වන්නේ ගගනගාමීන් සඳ මතුපිටට ආරක්ෂිතව ගෙන ඒමයි.” යනුවෙනි.

නාසා ආයතනය මෙම සැලසුම් ඉදිරියට ගෙන යාම පිටුපස විද්‍යාත්මක මෙන්ම දේශපාලනික උනන්දුවක්ද පවතින බව විශේෂඥයින් පෙන්වා දෙනවා.

📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews

YouTube:

https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට

tiktok:

https://tiktok.com/@lankahitnews

Instagram:

https://instagram.com/lankahitnews

එවන්න:

WhatsApp: +94 72 746 4185

Shares: