දේශීය

රිදියගම සෆාරි උද්‍යානයෙන් සුභ ආරංචියක්!

දිගු කාලයක් අක්‍රියව පැවති රිදියගම සෆාරි උද්‍යානයේ සමනල උද්‍යානය, ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ජුනි 3 සිට නැවත මහජනතාව සඳහා විවෘත කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ලෝක පරිසර දින සැමරුමට සමගාමීව නව හැඩයෙන් විවෘත වන මෙම උද්‍යානය, නරඹන්නන්ට වඩාත් ආකර්ශනීය සහ ස්වභාවික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

සමනලුන් ආකර්ශනය කර ගැනීමට විශේෂ ශාක රෝපණය කර ඇති අතර, නරඹන්නන්ට වඩාත් දෘශ්‍යමය සුන්දර පරිසරයක් නිර්මාණය කර ඇති බවයි බලධාරීන් පවසන්නේ.

විශේෂ තොරතුරු,

ශ්‍රී ලංකාවේ සමනල විශේෂ 248ක් දැනට වාර්තා වී තිබෙනවා
ඉන් ආවේණික විශේෂ 31ක් වනවා
රිදියගම සමනල උද්‍යානය තුළ සමනල විශේෂ 60ක් පමණ හඳුනාගෙන තිබෙනවා.

මෙහිදී,

කූඩුවලට සීමා නොවී නිදහසේ ගමන් කරන පක්ෂීන් නිරීක්ෂණය කළ හැකියි. සමනලුන් සහ පක්ෂීන් එකම පාරිසරික කලාපයකදී අත්විඳිය හැකයි. පවුලේ අය සමඟ නැරඹීමට සුදුසු ස්වභාවික අත්දැකීමක්

මෙම වසරේ පරිසර දින වැඩසටහනට සමගාමීව, විශේෂ පාරිසරික කලාපයක් ප්‍රවර්ධනය කිරීමට ද නියමිතයි.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *