සහන මෙහෙයුම්වල නිරත වන ප්‍රදේශවල, ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉල්ලීමක් කරනවා.
මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කරනු ලබන ගුවන් මෙහෙයුම් සඳහා අවදානම් තත්ත්වයක් ඇති කර තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ.
ගුවන් අවකාශයේ අනවසර ඩ්‍රෝන යානා පැවතීම ගුවන් ගමන් මාර්ගවලට සහ මුදාගැනීමේ සහ සහන මෙහෙයුම්වලට බාධා කළ හැකි අතර ගුවන් යානා අනතුරු සිදුවීමට ඉඩ ඇති බව ද ගුවන් හමුදාව අවධාරණය කරයි.
එවැනි සිදුවීම් යානයේ සිටින ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ජීවිත, ගුවන් යානා සහ භූමියේ සිටින පුද්ගලයින්ට බරපතළ තර්ජනයක් එල්ල කරන බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ වන විට ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරන මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම්වල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහායි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහජනතාවගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.
තවද සියලුම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට පෙර එම යානා ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ වේලාවන් පිළිබඳව පහත අංක අමතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
එම දුරකථන අංක පහතින්,
සාමාන්‍ය දුරකථන: 0112343970 / 0112343971
ක්ෂණික දුරකථන: 115











