දේශීය

දේශබන්දු මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

දේශබන්දු තෙන්නකෝන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳ පුවත

2022 වසරේ පැවති අරගල සමයේදී සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන නීති විරෝධී ලෙස රඳවා ගැනීම තුළින් එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවකට ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයා විසින් තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට මෙලෙස තීන්දු කරන ලදී.

YouTube: https://www.youtube.com/@lankahitnews
Facebook: https://www.facebook.com/officiallankahitnews
TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial
Twitter/X: https://x.com/HitNewsLanka
Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email: [email protected]

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *