දේශීය

උසස් පෙළ විභාගය කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

උසස් පෙළ විභාගය කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීම පිළිබඳ පුවත

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (A/L) විභාගය මාස දෙකක කාලයකින් කල් දමන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කළේය.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සියලු කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය සිය තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙම වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පළමුවරට සහ දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් අදාළ පෙත්සම අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව, නියමිත කාලසටහනට අනුවම අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගය පැවැත්වීමට පවතින බාධා ඉවත් වී තිබේ.

YouTube: https://www.youtube.com/@lankahitnews
Facebook: https://www.facebook.com/officiallankahitnews
TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial
Twitter/X: https://x.com/HitNewsLanka
Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email: [email protected]

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *