සිම්බාබ්වේ තරග සංචාරය ඉලක්ක කොට අගෝස්තු මස 07 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා විස්සයි-20 ලීගය සඳහා සහභාගිවන ක්‍රීඩකයින්ගේ නම් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (03 දා) පස්වරුවේදී පියවර ගනු ලැබීය. කණ්ඩායම් 3 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී නිල් කණ්ඩායම දුනිත් වෙල්ලාලගේ විසින්ද, කොළ කණ්ඩායම කමිඳු මෙන්ඩිස් විසින්ද අළු කණ්ඩායම ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 නායක චරිත් අසලංක විසින්ද ඉසුලනු ඇත.
විස්සයි-20 තරගය ලීගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වේ. සියලුම තරග ප.ව. 1.30 ට ආරම්භ වනු ඇත.
මෙම තරගාවලිය සදහා ජාතික තලයේ පසුවන සියලුම ක්‍රීඩකයින් සහභාගිවන අතර ඊට අමතරව ශ්‍රී ලංකා ‘ඒ‘, නැගීඑන කණ්ඩායම මෙන්ම පළමු පෙළ තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත.
සිම්බාබ්වේහි පැවැත්වෙන සියලුම තරග දිවා තරග ලෙසින් පැවැත්වෙන බැවින් ඊට පෙරහුරුවක් ලෙසින් මෙම තරගාවලිය පැවැත්වෙනු ඇත.
නිල් කණ්ඩායම – පැතුම් නිස්සංක, විශේන් හැළඹගේ, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, අහන් වික්‍රමසිංහ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ (නායක), ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ලිලාන් රංගන, මොහොමඩ් ශිරාස්, රවිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, නිශාන් මධුෂ්ක, සෙනිත හැළඹගේ.
ග්‍රීන් කණ්ඩායම – කුසල් මෙන්ඩිස්, ලසිත් කෲස්පුල්ලේ, සධීර සමරවික්‍රම, භානුක රාජපක්ෂ, පවන් රත්නායක, කමිඳු මෙන්ඩිස් (නායක), චාමික කරුණාරත්න, දුෂාන් හේමන්ත, ෙට්‍රවීන් මැතිව්, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, ප්‍රොමෝද් මධුෂාන්, ජනිත් ලියනගේ, දුලාජ් සමුදිත, තරිඳු රත්නායක, නිමේෂ් විමුක්ති, කමිල් මිෂාර, ලහිරු මධුසංඛ, සොනාල් දිනූෂ.
ග්‍රේ කණ්ඩායම – දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, චරිත් අසලංක (නායක), රමේෂ් මෙන්ඩිස්, චමිදු වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, මහීෂ් තීක්ෂණ, එෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු, ගරුක සංකේත්, මොවින් සුබසිංහ, මිලාන් රත්නායක, මෙලන් හංසක, සහන් ආරච්චි, ෂෙවෝන් ඩැනියෙල්, සිනෙත් ජයවර්ධන











