දේශීය

මූලික අයිතිවාසිකම් කඩා අත්අංඩගුවට ගැනීම ගැන මානව හිමිකම් කොමිෂමට පැමිණිලි රැසක්..

මූලික අයිතිවාසිකම් කඩා අත්අංඩගුවට ගැනීම ගැන මානව හිමිකම් කොමිෂමට පැමිණිලි රැසක්..
මූලික අයිතිවාසිකම් උල්ලංගණය කරමින් පුද්ගලයන් අත්අංඩගුවට ගැනීම සම්බන්ධයෙන් කොමිශමට පැමිණිලි රාශීයක් ලැබී ඇති බව මානව ශ්‍රීලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හැටන් ප්‍රාදේශීය කාර්යාලය මගින් (06) දින හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සදහා හැටන් ලා ඇඩම්ස් හෝටලයේ සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගිවීමෙන් අනතුරුව කොමසාරිස්වරයා මාධ්‍යට අදහස් දක්වමින් ඒ බැව් පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා මෙසේ පැවසීය.

“කෙනෙකුගේ නිදහස කියන දෙය ඉතාම වැදගත් දෙයක් හැටියට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සලකන්නේ.

එතකොට ඒ නිදහස අහිමි කරන්න බෑ නීතියේ නියම කරපු කාර්ය පටිපාටියට අනුව හැර.

කෙනෙක් අත්අඩංගුවට ගන්න ඕන නම් නීතියෙන් ආණ්ඩුකුම ව්‍යවස්ථාව යටතේ ඒවගේම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ කොහොමද අත්අඩංගුවට ගන්න ඕන, අත්අඩංගුවට ගන්න ඕන නිශ්චිත හේතුවක් තියෙන්න ඕන.

වරෙන්තුවක් නැතුව ගන්නවා නම්, සැකයක් තියනවා නම් සැකය සාධාරණ එකක් වෙන්න ඕන, හේතු තියෙන්න ඕන, ලංකාවේ සැකය කියලා වරදක් නැහැ. යම් සැකයකට යම් හේතු තියනවා නම් හේතු මත තමයි සැක ඇති කරගන්න ඕන.

ඒ අනුව තමයි අපරාධයකට සම්බන්ධයි, අපරාධයක් කරන්න යනවා, අපරාධයකට සුදානම් වෙනවා, කියන යම් තොරතුරු තියනවා නම් තමයි ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න පුලුවන්.

එහෙම නැතුව පුද්ගලයෙක් දිහා බලලා ඔහුගේ නහය ලොකුයි, උස වැඩියි, එයා මහතයි එහෙම අත්අඩංගුවට ගන්න නීතියක් අපේ රටේ නැහැ.

එහෙම අත්අඩංගුවට ගන්නේ නැත්නම් ඒක ඒ අයගේ මුලික අයිතිවාසිකම් කඩ වීමක්. එතකොට ඒ අයට පුලුවන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න.

එතකොට කොමිසම ඒ පිලිදව අනිවාර්යයෙන්ම මැදිහත් වීම් සිදු කරනවා.

දැනටද ඒ වගේ පැමිණිලි රාශියක් කොමිසම වෙත ලැබිලා තිබෙනවා. ඒවා විභාග කරමින් විමර්ෂණය කරමින් පවතිනවා.

චෙම්මිණි මිනි වලේ ප්‍රශ්ණය එන්නේ නිශාන්ත කුමාරස්වාමි අත්අඩංගුවට ගත්ත බව ලුතිනන්වරයෙක් විසින් ප්‍රකාශයට කල නිසා. මේ වගේ විශාල ප්‍රමාණයක් මෙතන වලළලා දාල තියනවා කියලා. ඒ අනුව තමයි මේක ආරම්භ කළේ.

නමුත් හෙමින් තමයි ඒ කටයුතු සිදු කෙරුනේ. ඒත් දැන් මේ වෙද්දි පුද්ගලයන්ගේ 112කුගේ පමණ අස්ථි හමුවුණා කියලා වාර්ථා වුණා. තවත් මේ වගේ දේවල් තියෙන්න පුළුවන් නේ.

ඒ වගේ තොරතුරු තියනවා නම් මහේස්ත්‍රාත්තුමන්ලා හරහා ඒවා නැවත සොයා බලන්න පුලුවන්. උනන්දුවක් තියනවා කොමිසම හරහා මේක නිරික්ෂණය කරන්න. විශාල සංඛ්‍යාවක් අතුරුදහන් වීම ප්‍රශ්ණයක්?ඒ පිලිබදව සාධක තියනවා කියන එක ප්‍රශ්ණයක්? ඒකට අදාළ වගකියයුතු පුද්ගලයන් ඉන්නවා කියන එක ප්‍රශ්නයක්? රාජ්‍ය අංශයෙන් කෙරුණයි කියන එක ප්‍රශ්ණයක්?

ඒක නිරික්ෂණය කරන්න කොමිසම පහුගිය කාලේ ඒකට ගිහින් ඒ සම්බන්ධ කාරණා පිලිබදව කොමිසම පැත්තෙන් කරන්න පුලුවන් දේ පිලිබදව සොයන්න තමයි එතනට ගියේ අපි” යනුවෙන් පැවසීය.

Shares: