දේශීය

ආරුගම්බේ සංචාරකයින් සඳහා නව නීති…

ආරුගම්බේ සංචාරකයින් සඳහා නව නීති…
අරුගම්බේ ප්‍රදේශයේ සංචාරකයන්ට සේවා සපයන ස්ථාන සඳහා විශේෂ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් සංචාරක කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් විදානගම මහතා පවසයි.

සංචාරක වීසා මත පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරත වන විදේශිකයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම තීරණයට හේතුව වී ඇත්තේ සංචාරකයෙකු විසින් අන්තර්ජාලයට මුදාහැර තිබූ වීඩියෝවක් වන අතර, එහි අරුගම්බේ ප්‍රදේශයේ වෙළෙඳසැල්වල නාම පුවරු ප්‍රධාන වශයෙන් හෙබ්‍රෙව් භාෂාවෙන් සටහන් කර තිබීම, සිංහල හෝ දෙමළ භාෂාවෙන් ඒවා ඉතා ස්වල්ප වශයෙන් පමණක් දැක්වෙන ආකාරය පෙන්වා දී තිබීමයි.

රජය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ඊශ්‍රායල සංචාරකයන් ඇතුළු සියලුම සංචාරකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

Shares: