ක්‍රීඩා

විස්සයි-20 ශ්‍රී ලංකා සංචිතය සොයායන මෙහෙයුමේ පළමු කඩඉම අද සිට

විස්සයි-20 ශ්‍රී ලංකා සංචිතය සොයායන මෙහෙයුමේ පළමු කඩඉම අද සිට

අනාගත විස්සයි-20 ශ්‍රී ලංකා සංචිතය සොයාගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින් පැවැත්වෙන විස්සයි-20 (ඉඹ්ඛ් ඊ-20 ඹ්ඥචඨභඥ) ලීග් ක්‍රිකට් තරගාවලිය අද (7දා) සිට කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භවීමට නියමිතය. ඒ අනුව අද එස්.එස්.සී. පිටියේදී පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතව ඇති මෙම තරගාවලියේ අවසන් මහා තරගය එළැඹෙන 16 වැනිදා පැවැත්වේ.

එහිදී අළු, කොළ සහ නිල් යනුවෙන් කණ්ඩායම් 3ක් ඇතුළත් කර ඇති මෙම තරගාවලියේදී එක් කණ්ඩායමකට තරග 4ක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව ඇති අතර, ඉහළම ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගත් කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව හිමිවෙයි.

මේ අතර අද සිට 16වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය නොමිලේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට ඉඩ ප්‍රස්ථා ලබා දී ඇති අතර, පස්වරු 12.30 සිට ක්‍රීඩාංගණයට ඇතුළුවිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේනයක් මගින් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් විශේන් හැළඹගේ, පවන් රත්නායක, සිනෙත් ජයවර්ධන, ලසිත් කෘෘස්පුල්ලේ, සොනාල් දිනූෂ, කමිල් මිෂාර වැනි පසුගිය තරග වාර කිහිපයකදීම දැඩි කතාබහට ලක්වූ තරුණ ජවයට පැහැදිලි යමක් කිරීමට මෙම තරගාවලිය අතිශය වැදගත් බව ඔවුන් තරයේ මතක තබා ගත යුතුවා සේම මෙවැනි අනාගත බලඇණියට සුදුසු තැන ලබා දීම ක්‍රිකට් බලධරයන්ගේ වගකීම හා යුතුකම බව කිව යුතුමය.

එහිදී යම් නම් දැරූ ක්‍රීඩකයකු ආබාධයට ලක්වීමට පෙර ඔහුගේ ආදේශකයකු ලෙස සමුගැනීමේ ‍ෙදාරකඩ අසල සිටින ‘වැඩ බැරි වෙමින් යන ටාසන් කෙනෙකු’ යොදා නොගෙන වසර ගණනාවක බරක් ඔසවා ගෙන යා හැකි තරුණ ජවයක් දැන් සිටම සූදානම් කිරීමට උත්සාහ දැරීම ඉතා අගනේ බව මතක් කර දිය යුතුව ඇත.

අළු කණ්ඩායම – චරිත් අසලංක (නායක), ළහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චමිඳු වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, මහීෂ් තීක්‍ෂණ, ඒෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු, ගරුක සංකේත්, එන්. දික්වැල්ල, මොවුන් සුභසිංහ, මිලාන් රත්නායක, මෙලන් හංසක, සහන් ආරච්චිගේ, ශෙවෝන් ඩැනියෙල්, සිනෙත් ජයවර්ධන

කොළ කණ්ඩායම – කමිඳු මෙන්ඩිස් (නායක), කුසල් මෙන්ඩිස්, ලසිත් කෘෘස්පුල්ලේ, සධීර සමරවික්‍රම, භානුක රාජපක්‍ෂ, පවන් රත්නායක, සොනාල් දිනූෂ, චාමික කරුණාරත්න, දුෂාන් හේමන්ත, ට්‍රෙවීන් මැතිව්, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුශාන්, ජනිත් ලියනගේ, දුලාජ් සමුදිත, තරිඳු රත්නායක, නිමේෂ් විමුක්ති, කමිල් මිෂාර, ළහිරු මධුසංක

නිල් කණ්ඩායම _ දුනිත් වෙල්ලාලගේ (නායක), පැතුම් නිස්සංක, විශේන් හැළඹගේ, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, අහන් වික්‍රමසිංහ, දසුන් ශානක, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුසංක, ලිලාන් රංගන, නිලාන් මොහොමඩ් ශිරාෂ්, රවිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, නිශාන් මධුෂ්ක, සෙනිත හැළඹගේ

Shares: