බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේදී අද (අගෝ. 7) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුවී තිබේ. කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇති බව ය. වෙඩි තැබීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මේ පිළිබඳව බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.










