ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වෘත්තීය සමිති අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කළ බව විදුලිය කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.
ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සේවක අදහස් නොතකා රජය පියවර ගැනීම නිසා මෙසේ සමිති මට්ටමින් සාකච්ඡා ආරම්භ කළ බව එම සංගමයේ සභාපති කෝසල අබේසිංහ පැවසීය.
රාජ්‍ය ආයතනයක් ලෙස ලංවිම පවත්වාගෙන යෑමට මහජනතාවට අවශ්‍යතාවක් නොමැති නම් බලශක්ති ක්ෂේත්‍රයේ බලය පෞද්ගලික ආයතනයන්ට නතු වීම නතර කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේ ය.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරන බව පවසමින් බලයට පැමිණි වත්මන් රජය පසුගිය ආණ්ඩුවටත් වඩා බරපතළ ලෙස පෞද්ගලීකරණ ක්‍රියාවලිය කරගෙන යන බවට සභාපතිවරයා චෝදනා කළේ ය.
වත්මන් ආණ්ඩුවේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී මණ්ඩලය මුලින් සමාගම් 6කට කඩා වසර දෙකකට පසු නැවත බෙදාහැරීම් හා ජනන වශයෙන් සමාගම්වලට කැඩෙන බවත් ඉන්පසු නිර්මාණය වන සමාගම් සංඛ්‍යාව සීමාවක් නැති වනු ඇති බවත් ඔහු පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතනය තබාගෙන අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගතකරණයක් අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ඉතිහාසය පුරාවට ම පෙන්වාදුන් බවත් සේවකයන් ලෙස අන්තිම තත්පරය දක්වා ම මෙම ආයතනය රැකගැනීමට උත්සාහ දරන බවත් ඔහු කීය.
එසේ නොහැකි වුවහොත් සමාගම් මත බලශක්ති ක්ෂේත්‍රය ඉදිරියට යනු ඇති බවත්, එවිට විදුලිය බිල අඩු වීම සිහිනයක්ය යන කරුණ ජනතාව එදින තේරුම්ගනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.










