ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායි හි අයහපත් කාලගුණය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජන ජීවිත අඩාල වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ, මුම්බායි හි මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවත්, ගුවන්ගමන් සහ දුම්රිය සේවා අවලංගු කිරීමට සිදුව ඇති බවය.
නගරයට සහ එහි අසල්වැසි දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අද (20) දිනයේ දී තවදුරටත් තද වැසි ඇතිවන බවට ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
ගෙවුණු දින හතරක කාලය තුළ මුම්බායි නගරයට මිලිමීටර් 800ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, එය මෙම මාසයේ නගරයට ලැබෙන සාමාන්‍ය වර්ෂාවට වඩා අධික බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.











