කාළගුණය

හෙට ලංකාවේ උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (22) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද පස්වරු 3.30ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට දිනය සඳහා වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත්, ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කරනවා

Shares: