කළුතර උතූර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා ඊයේ (22) රාත්‍රියේ සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඒ විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටින අතරතුරයි.
වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙන්නේ , ඔහු පානදුර සිට කළුතර දෙසට ගමන් කරමින් සිටියදීයි.
බරපතළ තුවාල ලැබූ තුෂාර සිල්වා කළුතර රෝහලට ඇතුළු කිරීමට රැගෙන යෑමේ දී තත්ත්වය බරපතළ වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඒවා තිබෙනවා.
අනතුරට සම්බන්ධ වෑන් රථය සහ රියැදුරා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසනවා.










