දේශීය

ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු අත්අඩංගුවට..

ගන්දර පොලිස් වසමේ කපුගම ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පසුගිය 03දායි නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ.

සිද්ධිය සම්බන්ධව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඒ අනුව ඊයේ (24) දිනයේ දී වැල්ලම්පිටිය සහ ගණේමුල්ල පොලිස් වසම්වලදී විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරුක් මත අපරාධයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකී අපරාධය සඳහා පැමිණි වෙඩික්කරු සහ යතුරුපැදිකරුයි.

ඒ සමගම ඔවුන් ඝාතනය සඳහා යොදා ගනු ලැබූ යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 47 වැනි වියේ පසුවන වැල්ලම්පිටිය හා පෑලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම අපරාධය විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකුගේ උපදෙස් මත සිදුකර ඇති බවටයි සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Shares: