ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස නීති විරෝධීව උපයාගත් වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය පවසනවා.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා නීති විරෝධීව උපයාගත් මුදල්වලින් මෙරට මිළදී ගෙන ඇති චංචල හා නිෂ්චල දේපල රැසක් සම්බන්ධයෙන් මේ වන විටත් කරුණු අණාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඇතැම් දේපල ඔහුගේ ගෝලයින්ගේ නමින් මිලදී ගෙන ඇති බවද විමර්ශනවලදී හෙළී වී තිබෙනවා.
මීට අමතරව කමාන්ඩෝ සලින්ත නැමැත්තාගේ දේපල කිහිපයක් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් එම දේපල සම්බන්ධයෙන් ද ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තාකර තහනම් නියෝග ලබා ගැනීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොලීසිය, ඉන්දුනීසියානු පොලීසිය සහ ජාත්‍යන්තර පොලීසිය සිදුකළ ඒකාබද්ධ ජාත්‍යන්තර මෙහෙයුමකින් කෙහෙල්බද්දර පද්මේ ප්රමුඛ සංවිධානාත්මක අපරාධ කල්ලි තුනක නායකයින් ඇතුළු 6 දෙනෙකු ඊයේ (28) අලුයම ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගැනුණා.
කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් ,පානදුරේ නිලංග, තැඹිලි ළහිරු නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ද අත්අඩංගුවට ගත් පිරිස අතරට ඇතුළත්.
එම පිරිස අතර බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ ඔහුගේ දරුවාද වනවා.











