උණුසුම් පුවත්

පත්මේගේ අනාවරණයෙන් තවත් ගිනිඅවියක් සොයා ගැනේ

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මෙ නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව මයික්‍රෝ වර්ගේ ගිනි අවියක් හා මැගසිනයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී කෙහෙල් බද්දර පද්මෙ නමැත්තා ඇතුළු පස්දෙනෙකු පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ පොලිසිය ඒකාබද්ධව සිදුකළ වැටලීමක දීයි අත්අඩංගුවට ගැනුණේ.

එහිදී කෙහෙල් බද්දර පද්මේ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3හි රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී විවිධ අපරාධ සඳහා යොදාගත් ගිනි අවියක් ඌරගස් මං හන්දිය, කොස්ගොඩ මාර්ගයේ ඇති අතුරු මාර්ගයක බෝක්කුවක් යට සඟවා තිබෙන බවට අනාවරණය කරන ලද තොරතුරු අනුව එය සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ තුන මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.

 

Shares: