මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහමහතා අඛණ්ඩව තුන්වන වරටත් ග්ලෝබල් ෆිනෑන්ස්හි මහ බැංකුකරු 2025 (Global Finance’s Central Banker Report Cards 2025) වාර්තාවේ ‘A’ශ්‍රේණියක් ලබා ගනිමින් යළි ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයේ දී මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට ඔහු දැක්වූ සුවිශේෂී දායකත්වය සහ උපායමාර්ගික දැනුම සැලකිල්ලට ගනිමිනුයි ඔහුට මෙම ‘A’ශ්‍රේණිය ලබා දී ඇත්තේ.
උද්දමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථායිතාවය, පොලී අනුපාත කළමණාකරණය සහ දේශපාලන ස්වාධීනත්වය වැනි ක්ෂේත්‍රවල කැපී පෙනන කාර්ය සාධනයක් පිළිබිඹු කිරීම නන්දලාල් වීරසිංහ මහතා මෙලෙස ඇගයීමට ලක්වීමට හේතුවී තිබෙනවා.
මෙම ග්ලෝබල් ෆිනෑන්ස් වාර්ෂික මහ බැංකුකරු අධිපතිවරුන් ඇගැයීම 1994 සිට සිට සිදුකරන්නක් වන අතර, ඒ සඳහා ලොව ප්‍රධාන පෙළේ රටවල් 100කට ආසන්න මහ බැංකු අධිපතිවරුන් ඇගයීම සිදුකරනු ලබයි.
උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය, පොලී අනුපාත කලමනාකරණය සහ දේශපාලන ස්වාධීනත්වය වැනි ක්ෂේත්‍රවල සාර්ථකත්වය මත ‘A+’ සිට ‘F’දක්වා වූ කාණ්ඩ යටතේ මෙලෙස ලොව පුරා සිටින මහ බැංකු අධිපතිවරුගේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය මනිනු ලබනවා.
ඒ අනුව විවිධ ශ්‍රේණි යටතේ ඇගැයීමට ලක් වූ මහබැංකු අධිපතිවරු
A+ ශ්‍රේණිය
ඩෙන්මාර්කය – ක්‍රිස්ටියන් කෙටෙල් තොම්සන්
එක්සත් ජනපදය – ජෙරොම් හේඩන් පවෙල්
වියට්නාමය – න්ගුයෙන් ති හොං
A ශ්‍රේණිය
චිලී – රොසැනා කොස්තා
කොස්ටාරිකාව – රොජර් මැඩ්රිගල් ලෝපෙස්
ඉන්දුනීසියාව – පෙරී වර්ජියෝ
ජැමෙයිකාව – රිචඩ් බයිල්ස්
කෙන්යාව – කමාවු තුගේ
මොරොක්කෝව – අබ්දෙල්ලතිෆ් ජුවාහ්රි
පැරගුවේ – කාලෝස් කාර්වාලෝ ස්පාල්ඩින්
පේරු – ජූලියෝ වෙලාර්ඩ් ෆ්ලෝරස්
ශ්‍රී ලංකාව – නන්දලාල් වීරසිංහ
A- ශ්‍රේණිය
කාම්බෝජය – චී සෙරේ
චෙක් ජනරජය – ඇලෙස් මිචල්
ඩොමිනිකන් ජනරජය – හෙක්ටර් වැල්ඩෙස් ඇල්බිසු
ඊජිප්තුව – හසන් අබ්දල්ලා
ඉතියෝපියාව – මාමෝ මිහ්රෙටු
යුරෝපීය සංගමය – ක්‍රිස්ටීන් ලගාඩ්
ග්වාතමාලා – අල්වාරෝ ගොන්සාලෙස් රිචි
මොන්ගෝලියාව – බයඩ්‍රන් ල්ඛග්වසුරේන්
පිලිපීනය – එලි රෙමොලෝනා
සර්බියාව – ජෝර්ගොවන්කා ටබකොවිච්
සිංගප්පූරුව – චියා ඩර් ජියුන්
දකුණු අප්‍රිකාව – ලෙසෙට්ජා කගන්යාගෝ
තායිවානය – යැං චින්-ලෝන්ග්
උගන්ඩාව – මයිකල් අටින්ගි-ඊගෝ











