දේශීය

රාජිත යළි බන්ධනාගාරයට

අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමණ පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.

එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණේ අද උදෑසන 9ට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයා අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.

Shares: