විදෙස්

ඉතාලි විලාසිතා නිර්මාණකරුවෙකු වන ජෝර්ජියෝ අර්මානි ජීවිතක්ෂයට

ලෝක ප්‍රකට ඉතාලි විලාසිතා නිර්මාණකරුවෙකු වන ජෝර්ජියෝ අර්මානි මිය ගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 91 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ජෝර්ජියෝ අර්මානි, ආර්මානි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන අතර ෆෝබ්ස් සඟරාවට අනුව ඔහු ලොව ඉහළම බිලියනපතියන් 200 දෙනා අතරට ද ඇතුළත්.

1981 දී ඔහු ආරම්භ කළ එම සමාගම වසරකට යුරෝ බිලියන 2.3 ක් (ඩොලර් බිලියන 2.7ක්) පමණ ආදායමක් උපයන ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

මිය යන විට ඔහු ඩොලර් බිලියන 10කට වඩා වටිනා වත්කම් ගොඩනඟා තිබූ අතර, එයට ඇඳුම් පැළඳුම් සහ උපාංග, ගෘහ භාණ්ඩ, සුවඳ විලවුන්, ආලේපන, පොත් ආදිය ඇතුළත් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Shares: