ගොඩබිම් මාර්ගය ඔස්සේ ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණි බලා ගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉවත්කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඔවුන් පැවසුවේ එම කණ්ඩායම මේ වන විට නේපාලයෙන් පිටත්ව යාමට සූදානම් වෙමින් ඉන්දියා-නේපාල දේශසීමාවේ සිටින බවයි.
පද්ධති දෝෂයක් පැවතුන ද, ඉවත් කර ගැනීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් නේපාලයේ ආගමන බලධාරීන් සමඟ පෞද්ගලිකව සම්බන්ධ වී එම අවශ්‍ය කටයුතු සිදු කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.
තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ දැනටමත් නේපාල හමුදාව තත්ත්වය පාලනය කර ඇති බවත්, ජනතාවට නිවෙස් තුළම රැඳී සිටින ලෙසට උපදෙස් දී ඇති බවයි.











