දේශීය

මි. 20ක් වටිනා රත්‍රං සමග ගුවන් හමුදා බුද්ධි නිලධාරියෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 20ක වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සමග ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්.

අදාළ සැකකරුවා ගුවන්තොටුපොළ රාජකාරී කරමින් සිටින අතරතුර මෙම රත්‍රං තොගය රහසිගතව ගුවන්තොටුපොළින් පිටතට රැගෙන යෑමට උත්සාහ කිරීමේදී මෙසේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සන්තකයේ තිබී කැරට් 24 රන් බිස්කට් 40ක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇති අතර එහි මුළු බර ග්‍රෑම් 550ක් වනවා.

Shares: