විදෙස්

ප්‍රංශයේ හිටපු ජනපතිට වසර 05ක සිර දඬුවමක්

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ ලිබියානු නායක කර්නල් මුඅම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබා ගැනීමේ නඩුවකට වරදකරු වීමෙනුයි.

අද දින ප්‍රංශ අධිකරණයකදී යි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.

නඩු විභාගයෙන් පසු මාධ්‍යවේදීන් අමතමින්, 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපති ධුරය දැරූ ඔහු එම තීන්දුව “නීතියේ ආධිපත්‍යය සඳහා අතිශයින්ම බරපතල” බව ප්‍රකාශ කළ බව සඳහන්.

ඔහු පවසන්නේ මෙම නඩුව දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූවක් බවයි.

2007 මැතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවීම සඳහා ගඩාෆිගෙන් ලැබුණු අරමුදල් භාවිතා කළ බවට ඔහුට චෝදනා එල්ල වුණා.

ඒ වෙනුවට, බටහිර රටවල් හමුවේ ගඩාෆිගේ කීර්ති නාමයට එරෙහිව සටන් කිරීමට සර්කෝසි උදව් කරන බවට පොරොන්දු වූ බවටයි පැමිණිල්ලේ චෝදනාව වූයේ.

විනිසුරු නතාලි ගවරිනෝ පැවසුවේ, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මූල්‍ය ආධාර ලබා ගැනීමේ අරමුණින් ලිබියානු නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට සමීප සහායකයින්ට සර්කෝසි අවසර දී ඇති බවයි.

නමුත් නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අරමුදල් සැපයීමේ ප්‍රතිලාභියා සාකෝසි බව සොයා ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව අක්‍රීය දූෂණය සහ නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් සැපයීම ඇතුළු මෙම නඩුවේ අනෙකුත් සියලු චෝදනාවලින් පැරිස් අපරාධ අධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඉන් අනතුරුව ඔහුට වසර පහක සිර දඬුවමක් නියම වූ අතර විදෙස් මාධ්‍ය දක්වන්නේ තීන්දුව අනුව ඔහු අභියාචනයක් ඉදිරිපත් කළත් ඔහුට සිරගෙදර කාලය ගත කිරීමට සිදුවනු ඇති බවයි.

70 හැවිරිදි සාකෝසි 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපති ධුරය හෙබවූවා.

Shares: