උණුසුම් පුවත්

ආපදා මරණ 638ක් – 191ක් අතුරුදන්

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අද (09) උදෑසන 09.00ට නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ පුද්ගලයින් 191ක් තවමත් අතුරුදන්ව ඇති බවයි.

පවුල් 501,958කට අයත් පුද්ගලයින් 1,737,330ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්කයෙන්.

ඒ මරණ 234ක්.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 32ක්, පුත්තලමෙන් මරණ 37ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම පවුල් 20,373ක පුද්ගලයින් 63,628ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ සඳහන්.

එසේම නිවාස 5,354ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස 81,621කට අර්ධ හානි සිදුව ඇති බවයි එහි වැඩදුරටත් දැක්වෙන්නේ.

Shares: