විදෙස්

වසා දැමුණු මියුනිච් ගුවන් තොටුපළේ ගමන් නැවත ආරම්භ වෙයි

ජර්මනියේ මියුනිච් ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ එම ගුවන් තොටුපළ කලාපය ආසන්නයෙන් ඩ්‍රෝන යානා නිරීක්ෂණය වීම හමුවේ මෙලෙස ගුවන් මෙහෙයුම් කටයුතු නතර කර තිබූ බවයි.

ඒ අනුව ගුවන් ගමන් වාර 17ක් පමණ නතර කර ඇති අතර, තවත් ගුවන් ගමන් 15ක් හරවා යවා ඇති බව සඳහන්.

එමඟින් මගීන් 3,000 කට ආසන්න සංඛ්‍යාවකට බලපෑම් එල්ල වූ බවයි ගුවන් තොටුපළ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

කෙසේ නමුත් මගී විමසීම් කරන ඇමතුම් හසුරුවන්නෙකු පවසා ඇත්තේ ගුවන් ගමන් පැමිණීම් සහ පිටවීම් ආරක්ෂිත යැයි සැලකූ විට එරට වේලාවෙන් අලුයම 5 ට ගුවන් තොටුපළ නැවත විවෘත කරන ලද බවයි.

අදාළ ඩ්‍රෝන යානා පිළිබඳව මෙතෙක් තහවුරු වීමක් සිදුව නොමැති අතර, හඳුනා නොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් පසුගිය සති කිහිපයේම යුරෝපය පුරා ගුවන් තොටුපළ කිහිපයක් වසා දමා තිබුණා.

Shares: